විදුහල්පති පණිවිඩය
කේ.එම්.එම්.කේ.කරුණානායක මිය
නූතන ලෝකයේ විවිධ පාර්ශවයන් සමග අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනියි. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම තුළින් පාසලේ තොරතුරු පාසල් ප්‍රජාව හා හුවමාරු කර ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි. අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් මා විසින් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයභාර ගුරුමහත්මියටත්,ඒ සදහා සහයෝගය ලබාදුන් දරු දැරියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
කේ.එම්.එම්.කේ.කරුණානායක මිය
විදුහල්පති
කුලි/අනුක්කනේ ම.වි..





