වර්ෂ 1936 ක් වූ මැයි මස 11 වැනි දින අනුක්කනේ ගම්මානයේ පිහිටි අනුක්කනේ විහාරස්ථානයෙහි යක්කාවිට පියරතන ස්වාමීන් වහන්සේ විසින් මෙම පාසල ආරම්භ කරන ලදී. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 79 ක් විය. හිටපු ගම්පති එච්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා විසින් පරිත්‍යාගකරණලද දැනට ගොඩනැගිලි පිහිටි පරිශ්‍රෙය් ගම්වැසියන් විසින් ඉදිකරන ලද පොල්අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලට 1937 ක් වූ පෙබරවාරි මස 15 වැනි දින මෙම විදුහල ගෙන එන ලදී. එම ගොඩනැගිල්ලේ ප්‍රමාණය අඩි 42 X18 ක් විය. මෙලෙස ඇරඹි මෙම විදුහල 1940 මැයි මස 1 වන දින රජයට භාරදෙන ලදී.
1952 දක්වා ප්‍රාථමික පාසලක්ව පැවති මෙම විදුහල එම වර්ෂයේ කණිෂ්ඨ තත්වයට උසස් කරන ලදී. අනතුරුව 1957 වර්ෂයේ දී ජ්‍යෙෂ්ට තත්වයට පත් වූ අතර 1979 නොවැම්බර් මස 01 වැනි දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී. මෙම විදුහලේ මුල් ගුරුතුමා වූයේ ඒ.එම්.බී. තිලකරත්න මහතාය. මෙම පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ආර්.එම්.ජයසේකර සිසුවාත් හා මුල්ම ශිෂ්‍යාව ලෙස ආර්.එම්.පුංචිමැණිකා සිසුවිය පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ එච්.එම්. ඩිංගිරි බණ්ඩා මහතාගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම එච්.එම්.සියාතු බණ්ඩා මහතාගේ ධන පරිත්‍යාගයෙන් තවත් ගොඩනැගි 02 ක් ඉදි කරන ලදී. සිසුන්ට වන්දනාමාන කිරීම සදහා අඩු පාඩුවක්ව පැවති බුදුමැදුර 1963 සැප්තැම්බර් 21 දින ඉදිකරවා ඇත.
ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1972 වසරේ සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 19ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 05 කින් සමන්විතය. "ප්‍ශස්රථ අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1936 මැයි 11 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
19 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඒ.එම්. බී. තිලකරත්න මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
යක්කාවිට පියරත්න හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අනුක්කනේ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
යක්කාවිට පියරතන හිමි |
|
පාසල රජයට පවරාගත් දිනය |
1940 මැයි 11 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අනුක්කනේ විහාරස්ථානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.එම්.ජයසේකර |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. පුංචි මැණිකා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1936 මැයි 12 දින |





