පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
නිල් කොට කලිසම හා සුදු කමිසය
කොණ්ඩය
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
කමිසය -
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කමිසයෙහි අත් ඉතා බුරුල්ව සහ වැලමිටට අඟල් 4ක් දක්වා තිබිය යුතුය.
- පිටුපස උරපත් වාටිය සාමාන්‍ය පරිදි තිබිය යුතුය.
- කොළරය සාමාන්‍ය කොලරයක් විය යුතුයි. ඉදිරිපස සාමාන්‍ය සුදු පැහැති බොත්තම් තිබිය යුතුය.
- පිටුපස කොටසේ දෙපස හෝ මැද ප්ලීට්ස් කිසිවක් නොතැබිය යුතුය.
- කමිසය කලිසමට යටකර ඇඳිය යුතුය.
- කමිස සාක්කුවේ කිසිදු දෙයක් බහා නොතැබිය යුතුය.
- කමිසයේ ඉහළ බොත්තම නොදමා විවෘතව තැබිය යුතුය.
- කමිසය ඇඟට හිර නොවන සේ ඉතා බුරුලින් තිබිය යුතුය.
කලිසම-
නිල් කොට කලිසම (1-9 සිසුන් සඳහා)
- සිරුරට හිර වන ලෙස නොතිබිය යුතුය.
- ඉදිරිපස රැළි දෙකක් පමණක් තිබිය යුතුය.
- දෙපස සාක්කු දෙක හා ඇතුළට මසන ලද පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර අවශ්‍ය නම් එක් බොත්තමක් පමණක් ඇල්ලීමට හැකිය.
- කලිසමේ ඉණ පටිය සාමාන්‍ය පමණට වඩා පළල් නොවිය යුතුය.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
කොණ්ඩය -
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
සුදු දිග කලිසම හා කමිසය
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසම ඇඟට තද නොවන සේ බුරුල්ව තිබිය යුතුය
- ඉදිරිපස රැළි දෙකකට වඩා නොතිබිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (1-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.





