නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එල්.එම්.එන්.උපතිස්ස මයා
අනුක්කනේ මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල වයඹ පළාතේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් ග්‍රාමීය පාසලකි. නූතන ලෝකයේ වේගයෙන් දියුණු වන තාක්ෂණයත් සමග අප පාසලේ සිසු දරුවන්ටද තම කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ළුාව වර්තමානයේදී උදා වී තිබේ.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශවයන්ට පාසල ලබා ගන්න ජයග්‍රහණ මෙන්ම සිසු නිපුණතා වර්ධනය කිරීමට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.
අප පාසල හා සම්බන්ධ සියළු පාසල් ප්‍රජාවට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දැක්වීමට මෙම නිසා අවස්ථාව ලැබී ඇත. පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා උරදුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයභාර ගුරුතුමියටත්, තොරතුරු හා සන්නිවේදන විෂය හදාරන හා වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමෙි සියලු දරු දැරියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පිරිනමමි.
එල්.එම්.එන්.උපතිස්ස මයා
නියෝජ්‍ය විදුහල්පති
කුලි/අනුක්කනේ ම.වි..





