අනුක්කනේ මහා විද්‍යාලය

කුලියාපිටිය

අනුක්කනේ මහා විද්‍යාලය

IMG_20240318_111811.jpeg
IMG_20240318_111811.jpeg
previous arrow
next arrow

අනුක්කනේ මහා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ කුලියාපිටිය බටහිර අධ්‍යාපන කොට්ඨාසයේ අංක 1122 දරණ ග්‍රාමනිලධාරී කොට්ඨාසයේ අනුක්කනේ ග්‍රාමයේ මෙම විදුහල පිිහිටා ඇත. කුලියාපිටිය- කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කි.මී.31 වැනි කණුව මංසන්ධියෙන් හැරී කිතලව-කිරිමැටියාව බස් රථ මාර්ගයේ කි.මී.05ක් දුරින් මෙම විදුහල හමුවේ. ස්භාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. මූලික ජීවනෝපාය කෘෂිකර්මාන්තය කරගත් ග්‍රාමීය ජනතාවක් වාසය කරණ මෙම විදුහලේ පෝෂක ප්‍රදේශය ඉතාමත් සීමිතය.එසේ වීමට හේතු වී ඇත්තේ මෙම විදුහල පිහිටි ගම වටා පිහිටි අවට ගම් සියල්ලෙහිම පාසල් පිහිටා තිබීමයි. එම පාසල් ප්‍රමාණය 07ක් වන අතර මහ විදුහල් 02ක් ද ඒ අතර වේ.මේ වන තෙක් ශීෂ්‍ය සංඛ්‍යා වර්ධනය වී ඇත්තේ ඉතාමත් අඩු වේගයකින් වන අතර නගරයේ ජනප්‍රිය පාසල් වලට ඇදීයාමේ වර්තමාන ප්‍රවණතාවයද මේ තත්වය තව දුරටත් ප්‍රබල වීමට හේතු වී ඇත. ඉතාමත් අඩු ආර්ථීක ශක්තියෙන් යුතු ග්‍රාමීය ජනතාවගේ දරුවන් ඉගෙනුම ලබන මෙහි සියලුම දරුවන් බෞද්ධයින්ය. එසේ වුවද දැනට වසර ගණනාවකට පෙර මෙම පාසලේ කතෝලික හා මුස්ලිම් දරුවන් ද ඉගෙනුම ලැබීය. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විිශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ බෙලෙන් පිරිපුන් සොබාදහමට ආදරය කරන දැනුමැති දරුවන බිහි කිරීම අපගේ මෙහෙවරයි.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විිශිෂ්ට දරුවෙක්.

ගුණ නැණ බෙලෙන් පිරිපුන් සොබාදහමට ආදරය කරන දැනුමැති දරුවන බිහි කිරීම අපගේ මෙහෙවරයි.

ලෝක ළමා දින සැමරුම

වෙසක් පොහොය දින වැඩසටහන්

ශිෂ්‍ය නායක කඳවුර

ලෝක ගුරු දින වැඩසටහන්

බක්මහ උළෙල

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අනුක්කනේ මහා විද්‍යාලය